චීන විදේශ අමාත්‍යවරයා “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර නායක සංසදය වෙනුවෙන් පැමිණි විදේශීය අමුත්තන් හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වන්ග් යී මහතා 3 වැනි“එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර නායක සංසදයට සහභාගී වීමට පැමිණි විවිධ රටවල විදේශ අමාත්‍යවරුන් හමු වේ.

එම හමු ඊයේ(16) Diaoyutai රාජ්‍ය ආගන්තුකාගාරයේ දී පැවැත්විණ.

රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා සමග හමුවේ දී වන්ග් යී මහතා පෙන්වා දුන්නේ, “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ලබා දෙන ඉහළ ඇගයීම සහ සහයෝගය චීනය අගය කරන බවයි. රුසියාව අඛණ්ඩව සහ ක්‍රියාකාරීව එයට සහභාගී වීම චීනය සාදරයෙන් පිළිගන්නා බව ද ඔහු පැවසීය.

එහිදී Sergey Lavrov මහතා පෙන්වා දුන්නේ, චීනය සමග සමීප උපායමාර්ගික සන්නිවේදනයක් පවත්වා ගැනීමටත්, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, රුසියාව අපේක්ෂා කරන බවයි.

හංගේරියාවේ විදේශ අමාත්‍ය SZIJJÁRTÓ Péter මහතා සමග පැවති හමුවේදී වන්ග් යී මහතා ප්‍රකාශ කළේ, දෙරටේ මිත්‍රත්වය පවත්වා ගනිමින්, චීනයේ මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටළුවලදී යුක්තිය තහවුරු කිරීමට හංගේරියාව ලබා දෙන දායකත්වය චීනය අගය කරන බවයි.

SZIJJÁRTÓ Péter මහතා එහිදී පැවසුවේ, “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා හංගේරියාව සක්‍රීය සහභාගීත්වයක් ලබා දෙන අතර, විවිධ ක්ෂේත්‍රවල පවතින හංගේරියානු-චීන සහ යුරෝපා-චීන සහයෝගීතාව ශක්තිමත් කිරීමට දැඩිව අවධානය යොමු කරන බවයි.

මීට අමතරව, වන්ග් යී මහතා ටර්කිමෙනිස්තානයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍යවරයා, මොංගෝලියාවේ විදේශ ඇමතිනිය සහ ASEAN සංවිධානයේ මහලේකම්වරයා ද හමු වී ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com