ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සැලසුම්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරු අවධානය යොමු කරති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම ජනාධිපති වෝ වාන් තුවොං  මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා 03 වන “එක් තීරයක් එක් මාවතක්” නායක සංසදයට සමගාමීව  (18) දා පස්වරුවේ බෙයිජිං  නුවරදී පැවැත්විණ.

එහිදී අදහස් දැක්වූ වියට්නාම ජනාධිපතිවරයා අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමට තම රට සූදානම් බවත්, දෙරට අතර ආර්ථික, සාමාජයීය සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සැලසුමක් සැකසීමට ද එහිදී තීරණය කෙරිණ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com