චීන-ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ 6+1 ආර්ථික වෙළඳ අමාත්‍යවරුන්ගේ රැස්වීම සක්‍රීය ප්‍රතිඵල ලබා ගනී.
එම රැස්වීම ඊයේ(22) චීනයේ Guangzhou නගරයේදී පැවැත්විණ. චීන-ගල්ෆ් අරාබි රටවල සහයෝගීතා කවුන්සිලයේ පළමු නායක සමුළුවේ ආර්ථීක වෙළඳ පිවයර ක්‍රියාත්මක කිරීමට එහිදී අවධානය යොමු කෙරිණ. එමෙන්ම බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය පොදුවේ සහතික කිරීම, ද්විපාර්ශ්වීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම, කර්මාන්ත දාමයේ හා සැපයුම් දාමයේ සහයෝගීතාව තහවුරු කිරීම, අන්‍යෝන්‍ය සබඳතා ඉහළ නංවා ගැනීම, බලශක්ති සම්පත් ව්‍යුහය වෙනස් කිරීම යන කරුණු කෙරෙහි එහිදී පූර්ණ එකඟතාවන්ට එළැඹ ඇත.
චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ මහ ලේකම් Jassim Mohammad Al Budaiwi මහතා සහ ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, සෞදි අරාබිය, කටාර්, කුවේට් යන ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සාමාජික රටවල ආර්ථික හා වෙළඳ දෙපාර්තමේන්තු ප්‍රධානීහු එම රැස්වීමට සහභාගී වී දේශන පැවැත්වූහ. “එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල” සහ ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සාමාජික රටවල උපාය මාර්ග සමඟ එකතු වීම තවහුරු කරමින් වෙළඳ හා ආයෝජන, ඩිජිටල් ආර්ථිකය, තිරසාර සංවර්ධනය, යටිතල පහසුකම් යන ක්ෂේත්රවල හුවමාරු සහ සහයෝගීතාව ගැඹුරු කිරීමට ද එහිදී එකඟ විය. එමෙන්ම චීන-ගල්ෆ් සහයෝගීතා කවුන්සිල ආර්ථීක වෙළඳාමේ සහයෝගීතා නව වර්ධන අංශයන් වර්ධනය කිරීමට ඒ ඒ පාර්ශ්වයන්ගේ එකඟත්වය පළ කෙරිණ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්