චීනය සහ ජපානය අතර සාමය සහ මිත්‍රත්ව ගිවිසුම පිළිබඳ සටහන් හුවමාරු කර ගැනීමේ 45 වැනි සංවත්සරය අදට යෙදී තිබේ. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(23) පැවති මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, එම ගිවිසුමේ 45 වැනි සංවත්සරය සැමරීමේ අවස්ථාවක් ලෙස, දෙපාර්ශ්වයම නව යුගයේ අවශ්‍යතා සපුරාලන චීන-ජපන් සබඳතා ගොඩනඟා ගැනීමට එක්ව කටයුතු කළ යුතු බවයි.
වසර 45 කට පෙර දෙරටේ වැඩිහිටි පරම්පරාවේ නායකයන් මෙම ගිවිසුම අවසන් කිරීමට උපායමාර්ගික දැක්ම සහ දේශපාලන ඥානය භාවිතා කළහ. ඔවුහු නෛතිකව, අසල්වැසි රටවල් වන චීනය සහ ජපානය සඳහා සාමකාමී සහජීවනයේ සහ සදාකාලික මිත්‍රත්වයේ නිවැරදි දිශාව ස්ථාපිත කළහ. එය දෙරට අතර සබඳතා වර්ධනය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත්ව ඇති බව Mao Ning මහත්මිය සඳහන් කළා ය.
වර්තමානයේ චීන-ජපන් සබඳතා වැඩිදියුණු කිරීමේ සහ සංවර්ධනයේ තීරණාත්මක අවධියක පවතින අතර, බොහෝ අවදානම් සහ අභියෝගවලට මුහුණ දෙමින් සිටිති. දෙපාර්ශ්වයම ගිවිසුමේ 45 වැනි සංවත්සරය සැමරීම අවස්ථාවක් කර ගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ලෙස සහයෝගීතාව පුළුල් කර ගැටුම් සහ වෙනස්කම් මනාව කළමනාකරණය කර ගත යුතුව ඇත. එමෙන්ම නව යුගයේ අවශ්‍යතා සපුරාලන චීන-ජපන් සබඳතා ශක්තිමත් කර ගැනීමට එක්ව කටයුතු කළ යුතු බවත්, Mao Ning මහත්මිය එහිදී කියා සිටියා ය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්