ඇමරිකා රාජ්‍ය මණ්ඩලය ඊයේ (22) ප්‍රකාශයක් නිකුත් කරමින් පිලිපීනය Ren’ai ගල්පරය වෙත විවිධ සැපයුම් ද්‍රව්‍ය ප්‍රවාහනයේදී චීනයෙන් බාධා එල්ල වෙතැයි සඳහන් කරමින් චෝදනා කළේය.
චීන Nansha දූපත් සමූහයට අයත් Ren’ai ගල්පරයේ චීනය සිදු කළ සාධාරණ අයිතිවාසිකම් රැක ගැනීමේ ක්‍රියාවට ඇමරිකා රාජ්‍ය මණ්ඩලය මෙලෙස අභූත චෝදනා නැගීම හා පිලිපීනය චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කළාය. එහිදී ඇය පැවසුවේ ඇමරිකාවේ ප්‍රකාශයට එරෙහිව චීනය දැඩි විරෝධය පළ කරන බවයි.
භූගෝලීය, ආර්ථික, දේශපාලනික සහ ඓතිහාසික වශයෙන් Ren’ai ගල්පරය චීනයේ Nansha දූපත් සමූහයෙන් වෙන් කළ නොහැකි කොටසක් බව Mao Ning මහත්මිය අවධාරණය කළාය. එය ජගත් ප්‍රජාවේ ද පොදු පිළිගැනීමකි. එම පොදු පිළිගැනීමට එරෙහිව ප්රකෝපකාරී ක්‍රියාවන් පිලිපීනය අනුගමනය කරනුයේ ඇමරිකාවේ වුවමනාවට සහ එම සහයෝගය පදනම් කර ගෙනය. Ren’ai ගල්පර ප්රශ්නය චීනයේ හා පිලිපීනයේ කටයුත්තක් වන අතර එයට කිසිදු අයුරකින් ඇමරිකාව අදාළ නොවන බව Mao Ning මහත්මිය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්