‘මිත්‍රත්වය, අවංකභාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සමීපභාවය පිළිබඳ අසල්වැසි රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික සංකල්පය’ ඉදිරිපත් කිරීමේ දස වන සංවත්සරය වෙනුවෙන් ජාත්‍යන්තර සාකච්ඡා සභාවක් පැවැත්වේ. අද(24) බෙයිජිංහිදී පැවති එම සාකච්ඡා සභාව වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලිඛිත දේශනයක් යොමු කර ඇත.
ගෙවී ගිය දශකය තුළ මෙම රාජ්‍යතාන්ත්‍රික සංකල්පය සක්‍රීය ලෙස අනුගමනය කරන චීනය අසල්වැසි රටවල් සමග මිත්‍රශීලි සම්බන්ධතා සංවර්ධනය කිරීමේදී පුළුල් කාර්යභාරයක් ඉටු කළ බව ෂී ජින්පිං මහතා එහිදී පවසා ඇත. එසේම ද්විපාර්ශ්වීය දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසයන් තහවුරු කර ගෙන පොදු ප්‍රතිලාභ සහිත මිත්‍රශීලි, ජයග්‍රාහී සහයෝගීතාවයකින් යුත් අසල්වැසිභාවයක් නිර්මාණය කර ගැනීමට හැකි වී තිබේ. කලාපීය සමගිය, විවෘතභාවය හා ප්‍රගතියට නව ජීවයක් ලබා දෙමින් නව යුගයේදී චීනය මෙම සංකල්පයට නව අන්තර්ගතයන් හඳුන්වා දී ඇත. එසේම ‘සාමය, සහයෝගිතාව, සමීප බව සහ ඒකීය බව’ කේන්ද්‍ර කර ගන්නා ආසියානු වටිනා සංකල්පයන් ප්‍රවර්ධනය කෙරේ. කලාපීය රටවල් සමග එක්ව සාමකාමී, සමෘද්ධිමත්, සුහදශීලි යහපැවැත්මෙන් යුතු ආසියානු සමාජයක් ගොඩනගමින් පොදු ඉරණමක් සහිත ආසියානු ප්‍රජාවක් හා මානව ප්‍රජාවක් ප්‍රවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්