ආපදාවට ලක් වූ ප්‍රදේශ යළි සංවර්ධනය සහ රටේ ආපදා සහන සේවය වැඩි දියුණු කිරීමට චීන මධ්‍යම රජය සිව්වන කාර්තුව වෙනුවෙන් අතිරේක රාජ්‍ය බැඳුම්කර යටතේ යුවාන් ට්‍රිලියන 1ක් නිකුත් කර ඇත. එය ක්‍රියාත්මක කිරීමේ වගකීම පළාත් පාලන ආයතන වෙත පවරා ඇත. මේ වසරේ එම වටිනාකමින් යුවාන් බිලියන 500ක් භාවිතා කෙරෙන අතර ඉතිරි යුවාන් බිලියන 500 ලබන වසර සඳහා වෙන් කෙරෙනු ඇත. එමෙන්ම 14 වන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ හයවන සැසිවාරයේදී අතිරේක රජයේ බැඳුම්කර නිකුත් කිරීමට සහ 2023 මධ්‍යම අයවැය සැලැස්ම සැකසීමට රාජ්‍ය මණ්ඩලයට අනුමැතිය ද ලබා දී ඇත.
ආපදාවට ලක් වූ ප්‍රදේශ යළි සංවර්ධනය, ගංවතුර පාලනය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති, ස්වාභාවික විපත්වලට මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කිරීම, නාගරික ජලාපවහනය සහ ජලයෙන් යටවීම වැළැක්වීම සහ පාලනය කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර අටක් සඳහා මෙම අරමුදල් යෙදවීමට නියමිතය.එමෙන්ම මෙම බැඳුම්කර නිකුතුව 2023 අයවැය හිඟය සියයට 3 සිට සියයට 3.8 ක අනුපාතයක් දක්වා පුළුල් කරනු ඇත.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්