චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (25) බෙයිජිංහිදී මහජන මහා ශාලාවේදී කොලොම්බියා ජනාධිපති Gustavo Petro මහතා හමු විය.
ජනාධිපති Gustavo Petro මහතා බලයට පත්වීමෙන් පසු සක්‍රීය ලෙස එරට සාමය ප්‍රවර්ධනය කරමින් සිටින බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය. Gustavo මහතාගේ පාලනයේ ජයග්‍රහණ වෙනුවෙන් ෂී ජින් පිං මහතා සුබ පැතුම් ද පිරිනැමීය. චීන-කොලොම්බියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනගා ගෙවී ගිය වසර 43 තුළ ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද දෙරටේ සබඳතාව යහපත් ලෙස වර්ධනය වී තිබේ. මූලික අවශ්‍යතා සහ ප්‍රධාන අවශ්‍යතා සම්බන්ධ ගැටළුවලදී දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කර ඇත. ඒ අනුව වර්තමානයේ ජයග්‍රාහී සහයෝගීතාවය සහ පොදු සංවර්ධනය සදහා මිත්‍රශීලි මෙන්ම හවුල්කාර පාර්ශ්වයන් බවට දෙරට පත්ව තිබේ.
චීන-කොලොම්බියා සබඳතා උපායමාර්ගික හවුල්කාරිත්වයකට උසස් කිරීම සම්බන්ධයෙන් Gustavo Petro මහතා සමග සාකච්ඡා කිරීමට ලැබීම පිළිබඳ සතුටට පත් වන බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. නව සබඳතාවය ඔස්සේ දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කර ඇත.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල කොලොම්බියාව ඉහළින් අගය කරන බව Gustavo Petro මහතා එහිදී පැවසීය. දෙරටේ නව සබඳතාව ගොඩනැගීමෙන් පසු සිය ප්රතිලාභ හා සංවර්ධන උපාය මාර්ගය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සමග ගළපමින් යටිතල පහසුකම්, පිරිසිඳු බලශක්ති ඇතුළු ක්ෂේත්රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට කොලොම්බියාව කැමැත්තෙන් සිටී. චීන සමාගම් එරටට පැමිණ ආයෝජනය කිරීම කොලොම්බියාව පිළි ගන්නා අතර චීනය සමග බහුපාර්ශ්වික ක්‍රම යටතේ සංවාද හා සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීමට කොලොම්බියාව කැමැත්තෙන් සිටින බව ද Gustavo Petro මහතා කියාසිටියේය.
වෙළඳ, ඩිජිටල් ආර්ථක, හරිත සංවර්ධන, කෘෂි කාර්මික, විද්‍යා හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන රැසකට අත්සන් කිරීමේ අවස්ථාවන්ට ද ෂී ජින් පිං මහතා හා Gustavo Petro මහතා එක්වූහ.
More Stories
යුරෝපය එකම චීනය මූලධර්මය අනුගමනය කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
චීන-බ්‍රසීල මානව හා සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම බ්‍රසීලයේ බ්‍රසීලියා හිදී
19වැනි ජී-20 නායක සමුළුවේ සමාප්ති උත්සවයට චීන ජනපති එක්වෙයි