චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය රැස්වීමක් පවත්වමින්, “නව යුගයේ ඊසානදිග චීනයේ විස්තීර්ණ පුනර්ජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සහ නව ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳ ” සාකච්ඡා කර තිබේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රමූඛත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.
මෙම වසර ඊසානදිග චීනයේ පුනර්ජීවන උපායමාර්ගය ක්‍රියාවට නැංවීමේ 20 වැනි සංවත්සරයයි. නව යුගයේ සහ නව ගමනේ දී ඊසානදිග චීනයේ විස්තීර්ණ පුනර්ජීවනය ප්‍රවර්ධනය කරන විට නව ප්‍රධාන අවස්ථාවන්ට මුහුණ දෙන බව රැස්වීමේ දී සඳහන් කෙරිණ. උසස් තත්ත්වයේ සංවර්ධනයේ මූලික කර්තව්‍යය සහ නව සංවර්ධන රටාවක් ගොඩනැගීමේ උපායමාර්ගික කාර්යය අප දැඩි ලෙස ග්‍රහණය කර ගත යුතුය. විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයන් සමග කාර්මික නවෝත්පාදන ප්‍රවර්ධනය කළ යුතු බවත්, නවීන මහා පරිමාණ කෘෂිකර්මාන්තය දියුණු කරන අතර ස්ථාවර නිෂ්පාදනය සහ ධාන්‍ය සැපයුම ශක්තිමත් කළ යුතු බව ද මෙම රැස්වීමේ දී අවධාරණය කෙරිණ. එසේම පාරිසරික ආරක්ෂාව ශක්තිමත් කළ යුතු අතර සුළං බලය, ප්‍රකාශ වෝල්ටීයතා බලය සහ න්‍යෂ්ටික බලය වැනි පිරිසිදු බලශක්ති සංවර්ධනය වේගවත් කළ යුතුය. දේශසීමා ප්‍රදේශවල යටිතල පහසුකම් සැලසුම් කරන අතර, පිරිසැලසුම සහ ඉදිකිරීම් ද ශක්තිමත් කළ යුතු ය. මූලික අධ්‍යාපනය ප්‍රබල ලෙස සංවර්ධනය කළ යුතු අතර, ඊසානදිග චීනයේ විද්‍යාල සහ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම සඳහා ලබා දෙන සහයෝගය වැඩි කළ යුතුය. එසේම ජනගහනයේ සමස්ත ගුණාත්මකභාවය වැඩිදියුණු කරන අතර, ඉහළ ගුණාත්මක සංවර්ධනයක් සමගින් ඊසානදිග චීනයේ විස්තීරණ පුනර්ජීවනයට සහාය දිය යුතු බව මෙම රැස්වීමේ දී සඳහන් වී ඇත.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්