නොවැම්බර් මාසයේ ජගත් ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපතිත්වය චීනයට හිමිව ඇත.
එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා පවත්වා නොවැම්බර් මාසයේ කාර්යය පිළිබඳ සැලැස්ම සම්මත කළේය.
පලස්තීන-ඊශ්‍රායල ගැටළුව මෙම මාසයේ වැදගත්ම කාර්යය බව Zhang Jun මහතා එම සාකච්ඡාවේදී පැවසීය. සිවිල් හානිය හා ගැටළු උග්‍ර වීම වැළැක්වීම සඳහා, සටන් විරාමය ප්‍රවර්ධනය කිරීමට වත්මන් කටයුතුවල දී ප්‍රමුඛත්වය දිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය. වාරික සභාපතිත්වය දරන රට වශයෙන්, චීනය ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු එකඟතාව අනුගමනය කරමින්, අදාළ විවිධ පාර්ශ්ව සමඟ, ආරක්ෂක මණ්ඩලයේ වගකීම හා අර්ථවත් පියවර ප්‍රවර්ධනය කරනු ඇතැයි Zhang Jun මහතා ප්‍රකාශ කළේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්