අද දහවල් සිට දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීමට හේතුව කුමක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසනවා.
විදුලි බිඳ වැටීම හේතුවෙන් අපහසුතාවයට පත් මහජනතාව වෙත විදුලි බල මණ්ඩලය වෙනුවෙන් කණගාටුව පළකරන බවත් ඉදිරියේදී මෙවැනි හදිසි බිඳවැටීම් මග හරවාගෙන අඛණ්ඩව පැය 24 පුරා විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් සභාපතිවරයා පවසනවා.
ඇමතිවරයා සිය අමාත්‍යංශයේ ලේකම්වරයා උපදෙස් ලබා දී ඇත්තේ ඇති වූ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම කමිටුවක් පත් කරන ලෙසයි. එම කමිටුව හරහා සතියක් ඇතුළත තමාට වාර්තාවක් ලබාදෙන ලෙද ඩලස් අලහප්පරුම මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
*අන්තර්ජාලය ඇසුරෙන්
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ