චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකාවට ළඟා වෙයි.
ෂී ජින් පිං ජනාධිපතිවරයා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ San Francisco ගුවන් තොටුපළට ළඟා විය. ඇමරිකානු ජනාධිපති Joe Biden මහතාගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපතිවරයා San Francisco නගරයේ දී දෙරට රාජ්‍ය නායක හමුවකට එක්වීමට නියමිත ය.
ඇමරිකාවේ පැවැත්වෙන APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද චීන ජනාධිපතිවරයා එක්වනු ඇත.
ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් San Francisco ගුවන් තොටුපළට පැමිණ චීන ජනපති මහත් හරසරින් පිළිගත්හ. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen, කැලිෆෝනියා හි ආණ්ඩුකාර Gavin Newsom සහ චීනයේ ඇමරිකානු තානාපති R.Nicholas Burns යන මහත්ම මහත්මීහු ද ඒ අතර වූහ. චීන ජනපති පිළිගැනීම සඳහා ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා ද පැමිණ සිටියේය.
ෂී ජින් පිං ජනාධිපතිවරයා San Francisco නුවර ගුවන් තොටුපළේ සිට හෝටලයට පැමිණෙන මග දෙපස, එරට වෙසෙන චීන ජාතිකයෝ සහ ඇමරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුහු පෙළ ගැසී සිටියහ. ඔවුහු චීන හා ඇමරිකානු ජාතික ධජ ලෙලවමින් ෂී ජින් පිං ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්හ.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්