හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතාට ලබන 26 වැනිදා පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසමේ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු ජනපතිවරයාව සිටි සමයේ ගත් ක්රියාමාර්ග සහ පාස්කු ප්රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලද අනතුරු ඇඟවීමේ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් දීර්ඝ ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ප්රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබේ
හිටපු ජනාධිපතිවරයාගෙන් කොමිසම එම ප්රකාශ සටහන් කරගනු ලබන්නේ හිටපු ආරක්ෂක ඇමැතිවරයා වශයෙනි.
එවකට ආරක්ෂක රාජ්ය ඇමැ රුවන් විජේවර්ධන මහතා ද කොමිසමේ විමර්ශන අංශයට අද (18) කැඳවා තිබේ.
හිටපු අගමැති රනිල් වික්රමසිංහ සහ නීතිය හා සාමය හිටපු ඇමැති සාගල රත්නායක මහත්වරුන් කොමිසමේ විමර්ශන අංශයට ලබන 21 කැඳවා තිබේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ