ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය හා මැලේසියාව යන රටවල් හයේ සාමාන්‍ය ගමන්බලපත්‍ර හිමි පුද්ගලයින් සඳහා අත්හදා බැලීමක් වශයෙන් වීසා විරහිත සංචාරක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට චීනය තීරණය කර ඇත.
ඉහළ මට්ටමේ හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු විවෘතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව මෙන්ම, දෙස් විදෙස් සංචාර පහසු කිරීම සඳහා එවැනි තීරණයක් ගත් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද(24) ප්‍රකාශ කළාය.
2023 වසරේ දෙසැම්බර් මස පළමු වනදා සිට 2024 වසරේ නොවැම්බර් මස 30 වනදා දක්වා අදාළ තීරණය බලාත්මකය. ඒ අනුව එම රටවල් හයේ සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට, චීනයේ ව්‍යාපාරික කටයුතු, සංචාරය කිරීම, ඥාතීන් හමුවීම ආදිය සඳහා දින 15ක වීසා විරහිත නවාතැන් පහසුකම් හිමි වනු ඇත.
More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්