පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(18) නියෝග කළේය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.
ඔවුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බවත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවටත් අධිකරණයට වාර්තා කර තිබේ.
ඉන් අනතුරුව පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.
අනතුරුව සැකකරුවන් 13 දෙනා ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ