චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා ෂැංහයි හිදී නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. හෙතෙම 28 සහ 29 දෙදින එම චාරිකාවේ නිරත විය.
ජනාධිපතිවරයා ෂැංහයි අනාගත හුවමාරු මධ්‍යස්ථානය වෙත ගොස් ෂැංහයි නගරයේ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන තරගාරීත්වය තහවුරු කිරීමේ තත්ත්වය විමසා බැලීය.
ඉන් පසු හෙතෙම Shanghai විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන ප්‍රගතීන් ප්‍රදර්ශනය නැරඹීය. Shanghai නගරය ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන මධ්‍යස්ථානය වර්ධනය කිරීමේ තත්ත්වය හෙතෙම විමසා බැලීය.
මේ අතර, හෙතෙම Minhang දිස්ත්‍රික්කයේ පිහිටි නවයුගයේ නාගරික සංවර්ධනය කරන්නන්ගේ හා කළමනාකරණය කරන්නන්ගේ නිවාස සංකීර්ණය ද නිරීක්ෂණය කළේ ය. ෂැංහයි නගරයේ පෙරටුගාමී සේවක සේවිකාවන් සඳහා ඉදි කර ඇති සාධනීය නිවාස සංකීර්ණය මෙයයි. පහසුකම් සපිරි කුලී නිවාසයන්හි වර්ධනීය තත්වය හෙතෙම විමසා බැලීය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්