ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වූ හෙන්රි කිසින්ගර් මහතා ඊයේ(29) Connecticut ජනපදයේ සිය නිවසේ හි මිය ගියේ ය. මියයන විට හෙතෙම සියවැනි වියෙහි පසුවිය.
හෙතෙම ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු, ප්‍රසිද්ධ රාජ්‍යතාන්ත්‍රිකයෙකු සහ ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ විශේෂඥයෙකි.
සත්‍යගරුක දේශපාලන මැදිහත්කරුවෙකු ලෙස, ඔහු 1969ත් 1977ත් අතර කාලයේදී, ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී කේන්ද්‍රීය චරිතයක් විය. චීන-ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ස්ථාපිත කිරීම සඳහා ඔහු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේ ය.
වසර 1971 ජූලි 9වැනිදා සිට 11වැනිදා දක්වා, එවක ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් මහතාගේ විශේෂ දූතයෙකු ලෙසට, හෙන්රි කිසින්ගර් මහතා අප්‍රකටව චීනයේ සංචාරයක නිරත විය. එය චීන-ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ආරම්භ කිරීම පිළිබඳ ඓතිහාසික සංධිස්ථානයක් විය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්