මාලි රාජ්‍යයේ හමුදා කැරලිකරුවන් , එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රැඳවුම් භාරයට ගෙන තිබෙනවා.
මාලි රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක, හමුදා සාමාජිකයින් පිරිසක් විසින් ඔවුන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හමුදා කැරලිකරුවන් විසින් ජනාධිතිවරයා, ඔහුගේ පුත්‍රයා සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ඇතුළු පිරිසක් සිය භාරයට ගෙන තිබෙන අතර එම සිදුවීමෙන් පැය කිහිපයකට පසුව තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ඊබ්‍රාහිම් බුබකාර් කීටා නිවේදනය කර තිබෙනවා.
හමුදාවේ ඇතැම් පාර්ශ්වයන් මෙම මැදිහත්වීම අත්‍යවශ්‍ය බවට තීරණය කර ඇති බැවින් තමාට වෙනත් තෝරාගැනීමක් නොමැති බවත් බලයේ රැඳී සිටීම සඳහා අගනුවර ලේ වැගිරීමක් සිදුකිරීමට තමාට අවශ්‍යතාවක් නොමැති බවත් ජනාධිපතිවරයා පවසා සිටිනවා.
මේ අතර පැවති පාර්ලිමේන්තුව ද ඔහු විසින් විසුරුවා හැර ඇතැයි සඳහන්.
ජිහාද් කැරලිකරුවන් සමග පවතින අඛණ්ඩ ගැටුම් හා තමන්ට ලැබෙන වැටුප් සම්බන්ධයෙන් මාලි රාජ්‍යයේ ඇතැම් හමුදා කණ්ඩායම් දැඩි කෝපයකින් පසුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
කෙසේ වෙතත් මේ වන විට රටේ පාලනය භාරව සිටින්නේ හමුදාව ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්