චීනයේ Sichuan පාෂාණ ද්‍රෝණියේ නිරිත දිග පිහිටි තෙල් හා ගෑස් නිධියේ වාර්ෂික ගෑස් නිෂ්පාදනය ප්‍රථම වරට ඝන මීටර් බිලියන 40 ඉක්මවූ බව චීන ජාතික ඛනිජ තෙල් සංස්ථාව අද(14) ප්‍රකාශ කළේය. නිරිත දිග චීනයේ ඝන මීටර් බිලියන 40ක වාර්ෂික නිෂ්පාදනයක් සහිත ප්‍රථම ගෑස් නිධිය නිල වශයෙන් ස්ථාපිත කිරීම ඉන් සංකේතවත් කෙරේ. මෙමගින් ජාතික බලශක්ති ආරක්ෂාව ස්ථීර වශයෙන් සහතික කෙරෙනු ඇත.
Sichuan පාෂාණ ද්‍රෝණිය චීනයේ ස්වාභාවික ගෑස් නිෂ්පාදනයේ ප්‍රධාන ප්‍රදේශයකි. එම සංචිතය සහ නිෂ්පාදන ධාරිතාව චීනයේ ප්‍රථම ස්ථානය හිමි කර ගනී. මේ වසරේ සිට Sichuan පාෂාණ ද්‍රෝණියේ නිරිත දිග පිහිටි තෙල් හා ගෑස් නිධිය ස්වාභාවික ගෑස් නිෂ්පාදනය තවදුරටත් වේගවත් කරමින් ඝන මීටර් බිලියන 10කට වැඩි ප්‍රමාණයකින් අලුතින් ස්වාභාවික ගෑස් නිෂ්පාදනයක් ද සිදු කර ඇත.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ