හිටපු ඇමති පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනාට අධිචෝදනා භාර දෙන ලදි.
ඒ 2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ පළමු නඩුව සම්බන්ධයෙන්.
රියදුරු වන දිලුම් තුසිත කුමාර හා එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරුන්ට මෙසේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදීයි අධි චෝදනා භාරදීම සිදු වුණේ.
එම විත්තිකරුවන් දෙදෙනාම රුපියල් දස දහස බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.
මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (20) දින පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන හෙයින් ඒ මහතාට ලබන 28 වන දා අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (19) අවසර ලබා දී තිබුණි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ