චීනය සහ සිංගප්පූරුව අන්‍යෝන්‍ය වශයෙන් වීසා රහිත ප්‍රතිපත්තිය පිළිබඳ ගිවිසුමට එළඹීම දෙරටේ ජනතාවට ලැබුණු වසන්න උත්සව තිළිණයක් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (25) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.
චීන-සිංගප්පූර ද්විපර්ශ්වික මානව හුවමාරු චීනය ඉතා වැදගත් කොට සලකන බව වං වෙන්බින් මහතා පැවසීය.එම ගිවිසුම එළඹෙන පෙබරවාරි මස 9 වනදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක වෙයි. එමගින් දෙරටේ සාමාන්‍ය ගමන් බලපත්‍රලාභීන්ට දින 30ක කාලයක් රැඳී සිටීමේ අවස්ථාව හිමිවෙයි. සාම්ප්‍රදායික චන්ද්‍ර දින දර්ශනයේ මකරාගේ වසර එළඹීමට පෙර එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම දෙරටේම ජනතාවට හිමිවූ නව අවුරුදු තිළිණයකි. එය දෙරටේ මානව හා සංස්කෘතික හුවමාරු තවදුරටත් තහවුරු කර චීන-සිංගප්පූරු සබඳතාව හා ඒ ඒ ක්ෂේත්රවල සහයෝගීතා අඛණ්ඩව සංවර්ධනය කිරීමට හේතුවනු ඇතැයි වං වෙන්බින් මහතා එහිදී පැවසීය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්