2023 වසරේ චීනයේ විදේශ ආයෝජන සහයෝගීතාව ක්‍රමයෙන් වර්ධනය වී ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. ඒ පිළිබඳ වාර්තාවක් අද (4) නිකුත් කෙරිණ.
2023 වසරේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සෘජු විදේශ ආයෝජනය චීන යුවාන් බිලියන 1041.85 ක් වූ අතර, එය පෙර වසරට වඩා 5.7% ක වැඩිවීමකි. ඒ අතරින්, විදේශීය මූල්‍ය නොවන සෘජු ආයෝජන චීන යුවාන් බිලියන 916.99 ක් වූ අතර එය 16.7% ක වර්ධනයක් වීම ද කැපීපෙනේ. එසේම, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම හා සම්බන්ධ රටවල් තුළ චීන ව්‍යවසායන්ගේ මූල්‍ය නොවන සෘජු ආයෝජනය චීන යුවාන් බිලියන 224.09 ක් විය. එය 2022 වසරට සාපේක්ෂව 28.4% ක වර්ධනයකි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්