“ ෂී ජින් පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උධෘත”නමැති වැඩසටහන් මාලාවේ තුන්වැනි කොටස විකාශය කෙරේ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්රචාරක දෙපාර්තමේන්තුව සහ චීන මාධ්‍ය සමූහය එක්ව නිෂ්පාදනය කළ එම වැඩසටහන් හෙට (17) සිට චීන මාධ්‍ය සමූහයට අයත් රූපවාහිනි නාලිකා, වෙබ් අඩවි හා පරිගණක යෙදවුම් මගින් විකාශය කිරීමට නියමිත ය.

චීන ජනාධිපතිවරයා විවිධ අවස්ථාවල පැවැත්වූ දේශන හා පළ කළ ලිපිවල එම අදහස් වඩාත් අර්ථවත් කිරීම සඳහා චීන සම්භාව්‍ය කතා හා වදන් උපුටා දැක්වීම කැපී පෙනෙන ලක්ෂණයකි. “ ෂී ජින් පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උධෘත”නමින් මෙම වැඩසටහන් මාලාව විකාශය කෙරේ. එය චීන ජනාධිපතිවරයා උපුටා දැක්වූ චීන සම්භාව්‍ය කතා හා වදන් මගින් ඔහුගේ චින්තනය පිළිබඳ ගැඹුරින් සිදු කෙරෙන විශ්ලේෂණයකි. “ ෂී ජින් පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උධෘත” වැඩසටහන් මාලාවේ තුන්වැන්න, චීනයේ ප්‍රකට විද්වතුන් 4 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සහ අධි තාක්ෂණික ක්‍රමවේදවලින් යුතුව ඉදිරිපත් කෙරේ.

More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්