චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය ආරම්භ වේ.
එම සැසිවාරය අද (4) බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී ආරම්භ විය . චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු පක්ෂ හා රජයේ නායකයෝ එහි ආරම්භක උත්සවයට එක් වූහ.
චීන මහජන දේශපාලන උපදේශක ජාතික කමිටුවේ ප්‍රධාන කාර්යයන් වන්නේ රටේ පාලනය වෙනුවෙන් දේශපාලන උපදේශන ලබාදීම, ප්‍රජාතන්ත්‍රීය අධීක්ෂණය සිදු කිරීම, රජයේ කටයුතුවලට එක් වීම හා අදාළ කරුණු පිළිබඳ අදහස් දැක්වීම ය.
ලබන 11වැනි දා දක්වා පැවැත්වෙන චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය සඳහා ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර 34ක් නියෝජනය කරමින් දේශපාලන උපදේශකයෝ 2100කට වැඩි පිරිසක් එක් ව සිටිති. චීන දේශපාලන, ආර්ථික, සමාජීය ඇතුළු කරුණු රැසක් පිළිබඳවද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්