ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.
ජනාධිපතිවරයා මේ වනවිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවතී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, අද වනවිට රට ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව සියලුදෙනා පිළිගත්ත ද එසේ නොපෙන්වා ඇතැමුන් විවේචන එල්ල කරන බවය.
මේ අතර, තුන්වැනි කාර්තුවේ සිට රටේ ආර්ථිකය යළි පිබිදීම ඇරඹුන බවත් 2024 දී 2%- 3% ක ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර ඇති වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී රාජ්‍ය ආදායම 50% කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට හැකි වූ බවත් පසුගිය වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට හැකි වූ බවත් පැවසූ ජනාධිපතිවරයා ඒ හේතුවෙන් රජයට සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන්ට වසර තුන හතරක් පුරා ගෙවීමට නොහැකිව තිබූ සියලු හිඟ මුදල් ගෙවා අවසන් කළ බව සඳහන් කළේය.
මේ අතර, මහ බැංකුව සහ රජය සම්බන්ධීකරණයෙන් සිදුකළ සාර්ව ආර්ථික ඉල්ලුම් කළමනාකරණ ප්රයත්නයන් හේතුවෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී 70%ක්ව තිබූ උද්ධමනය 2024 වසරේ පෙබරවාරි මාසයේ දී 5.9% දක්වා පහත වැටීමත් සමඟ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ පාරිභෝගිකයින්ට සහන ලබා දෙමින්, 2023 වසරේ දී 30% ඉක්ම වූ පොලී අනුපාත 10%කට වඩා අඩු අගයකට ගෙන ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්,
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ