මානුෂීය ආධාර සැපයීමට පහසුවෙන් ඇතුළු විය හැකි ලෙස සහ දැඩි මානුෂීය අර්බුදය සමනය කිරීමට ගාසා තීරයේ ගොඩබිම් ප්‍රවේශය විවෘත කරන ලෙස ඊයේ(06) එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ය.
එම සංවිධානයට ගාසා හි සියලු වැසියන්ට ප්‍රමාණවත් ආහාර ලබා දිය හැකි වුව ද ආහාර බෙදා හැරීමේ රථ ඊශ්‍රායල හමුදාව රඳවා ගන්නා බැවින් ගාසා තීරයට ඇතුළු වීමට නොහැකි වූ බව ලෝක ආහාර වැඩසටහනේ හදිසි මෙහෙයුම් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ Samer AbdelJaber මහතා පැවසීය.
මෑතකදී ගාසා තීරයට සංකේතාත්මක ගුවන් ආධාර පමණක් ලැබුන අතර, ගාසා තීරයේ ජනතාවට ප්‍රමාණවත් සහ තිරසර ලෙස ආහාර සැපයීමට ඇති එකම පහසු මාර්ගය ගොඩබිම් ප්‍රවේශය බවත් හෙතෙම අවධාරණය කර ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්