චීනය නවීන පරිසර නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කරයි. පරිසර දූෂණය පාලනය කිරීම සහ එයට විසඳුම සෙවීම, පරිසර සංරක්ෂණය සහ දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිචාරය දැක්වීම සම්බන්ධයෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙන් මෙම නව නිරීක්ෂණ පද්ධතිය නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.
චීන පරිසර අමාත්‍යාංශ ඊයේ(16) මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් සිදු කරමින් කියාසිටියේ මෙම නව පද්ධතිය විශ්වසනීය, නිරවද්‍ය, විස්තීර්ණ සහ නව දත්ත කාලෝචිත ලෙස රැස් කිරීම සඳහා ඇති අවස්ථාව ඉහළ නංවනු ඇති බවයි.
මෙම අධීක්ෂණ ජාලය චන්ද්‍රිකා, ගුවන් සේවා සහ භූගත දුරස්ථ සංවේදක ක්‍රම භාවිත කර නිර්මාණය කෙරෙන අතර එය උසස් නිරීක්ෂණ තාක්ෂණයෙන් බලගැන්වීමට ඩිජිටල් තාක්ෂණය ද හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.
වර්ෂ 2035 වන විට මෙම පද්ධතියේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන අතර ඒ හරහා චීනයේ පාරිසරික නිරීක්ෂණ හැකියාවන් ගෝලීය වශයෙන් උසස් මට්ටමකට ගෙන එනු ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්