ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom මහතා ඊයේ(16) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියාසිටියේ ගාසා තීරයේ Rafah නගරය වෙත ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බවයි. Rafah නගරය වෙත ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කරන ලෙස Tedros Adhanom මහතා ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේය.
ගැටුම් උග්‍ර වීමෙන් Rafah නගරයේ වඩාත් වැඩි මරණ හා විපත් වාර්තා වනු ඇත. එමෙන්ම එහි ඇති වෛද්‍ය ආයතනවලට වත්මන් තත්ත්වය පිළිබඳ වගකීම භාර ගත නොහැකි බව ද Tedros Adhanom මහතා කියාසිටියේය.
Rafah නගරය වෙත ප්‍රහාර එල්ල කිරීම වෙනුවට සාමය සඳහා කටයුතු කිරීම වෙනුවෙන් උත්සාහ දරන ලෙස හෙතෙම ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්