අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි. එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එම හමුව ඊයේ (25) පැවැත්විණ. පැමිණ සිටි පිරිස සමග සුහද සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ මාතෘභූමියේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සේවය ලබාදෙන ලෙසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ද මේ හමුවට එක්වූහ. වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් මහතා ඇතුළු තානාපති කාර්යාල නිළධාරීන්ගේ සංවිධානයෙන් පැවති එම හමුවට චීනයේ සිටින ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුුහු ද සහභාගී වූහ.




හයිනාන් පළාතේ පැවැත්වෙන බෝආඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි අගමැතිවරයා පස්දින නිල සංචාරයක නිරත වනු ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්