චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි. එම හමුව බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී අද (27) පස්වරුවේ පැවැත්විණ.
“ස්වාධීනත්වය, ස්වෝත්සාහය, සමගිය හා අන්‍යෝන්‍ය සහාය ”පදනම් වන “සහල්-රබර් ගිවිසුමේ”ජීවගුණය උරුම කර ගනිමින්, දිගු ඉතිහාසයකට හිමිකම් කියන චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කිරීම දෙරටේ ජනතාවගේ පොදු අභිලාෂය බව ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේ ය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීන-ශ්‍රී ලංකා සම්බන්ධතා බලශක්ති, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය, සමුද්‍රීය ආර්ථිකය හා සංචාරක ඇතුළු ක්ෂේත්‍රවලින් තවදුරටත් ඉදිරියට රැගෙන යා හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය, ස්වාධීනත්වය හා ජාතික අභිමානය සුරැකීමට චීනය සහාය ලබා දෙන අතර, ආර්ථික හා සමාජයීය සංවර්ධනය වෙනුවෙන් පෙර සේම උපරිමයෙන් ආධාර සපයන බව ද චීන ජනාධිපතිවරයා කියාසිටී.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීම හා තිරසර සංවර්ධනය සඳහා වන ග්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමේ දී ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පැවැත්වීමට චීනය සූදානමින් සිටී. සාමකාමී සහජීවනය සහතික කෙරෙන පස් වැදෑරුම් මූලධර්ම අනුගමනය කරමින් කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම හමුවේ දී කියාසිටියේ, චීනය සමග පවතින සම්බන්ධතා තම රට සැමවිටම වැදගත් කොට සලකන බව යි. ශ්‍රී ලංකාව හා චීනය දුක සැප දෙකෙහි එකට සිටින කල්‍යාණ මිතුරෝ වෙති. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඔස්සේ චීනය සමග එක්ව විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ද හෙතෙම කියාසිටී. එසේම, එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන බව ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්