චීනය සහ ඉන්දියාව දේශසීමා කටයුතු උපදේශන සහ සම්බන්ධීකරණ ක්‍රියාකාරී යාන්ත්‍රණයේ 29 වන රැස්වීම පවත්වයි. එම රැස්වීම ඊයේ (27) පැවැත්විණ. දෙරටේ විදේශ කටයුතු, ආරක්ෂක, ආගමන ඇතුළු දෙපාර්තමේන්තුවල නියෝජිතයෝ ඊට සහභාගී වූහ.
දෙරට අතර දේශසීමා තත්ත්වයේ පාලන ප්‍රගතිය එහිදී දෙපාර්ශ්වයේ ධනාත්මක ඇගයීමට ලක්ව ඇත. දේශසීමා තත්ත්වය සාමාන්‍ය පාලන අදියරක් වෙත ප්‍රවර්ධනය කිරීම සඳහා, දේශසීමා ප්‍රදේශවල ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරමින්, දෙරටටම පිළිගත හැකි විසඳුමක් කඩිනමින් ලබා ගැනීමට උත්සාහ දැරීමට දෙපාර්ශ්වය එහිදී එකඟ වූහ.
රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදා මාර්ග හරහා සන්නිවේදනය අඛණ්ඩව පවත්වා ගැනීමටත්, ද්විපාර්ශ්වික සාකච්ඡා යාන්ත්‍රණය වැඩිදියුණු කිරීමටත්, හැකි ඉක්මනින් නව වටයේ හමුදාධිපති මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට ද එහිදී අපේක්ෂා පළවිය.
දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන් බව පවත්වා ගැනීම සඳහා අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම් හා එකඟතාවන් තරයේ අනුගමනය කළ යුතු බව දෙපාර්ශ්වය එහිදී අවධාරණය කළහ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්