“චීන කොමියුනිස්ට් පක්ෂය තුළ විනය අධ්‍යයනය සහ අධ්‍යාපනය පිළිබඳ දැන්වීම” පක්ෂයේ මධ්‍යම කාරක සභා කාර්යාලය නිකුත් කරයි.
එම දැන්වීමට අනුව සංශෝධිත “චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය දඬුවම් පිළිබඳ රෙගුලාසිය” අධ්‍යයනය කිරීම සඳහා අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා පක්ෂය තුළ අධ්‍යාපනය හා ඉගෙනුම ක්‍රියාවට නැංවේ.
ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයන් සහිත සමාජවාදී චින්තනයේ උපදෙස් මත, ඇතැම් පක්ෂ සාමාජිකයන් හා නිලධාරීන් පක්ෂ විනය හා රෙගුලාසි පිළිබඳව අවධානය යොමු නොකිරීම, අවබෝධය නොමැතිවීම යන ප්‍රශ්න විසඳා ගත යුතු බව එහිදී පැහැදිලි කෙරිණ. පක්ෂ සාමාජිකයින්, විශේෂයෙන්ම නිලධාරීන් එක් වී “චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය දඬුවම් පිළිබඳ රෙගුලාසිය”සැලකිලිමත්ව අධ්‍යයනය කළ යුතු ය. විනය හා රෙගුලාසිවල ඇතුළත් කරුණු අධ්‍යයනය කර, කළ යුතු නොකළ යුතු දෑ පැහැදිලිව අවබෝධ කර ගත යුතුය. විනය පිළිබඳ අවබෝධය හා ස්වයං හික්මීම තහවුරු කර ගනිමින් දේශපාලන, විනය, සදාචාරය, දූෂණ විරෝධය පිළිබඳ සිය අධිෂ්ඨානය ස්ථිර කර පවිත්‍රව සිය වගකීම් ඉටු කළ යුතු බවද එම දැන්වීමේ සඳහන් කර ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්