අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (04) දිනයේ විවෘත කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල අද පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බවයි.
අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස බාගත කර ගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්