යුද විරෝධී සංවිධානයේ සාමකාමී පාගමන 17 වෙනි සිකුරාදා දහවල් 2.00 ට විහාරමහාදේවී උද්‍යානයේ සමාධි පිලිමය අසලින් ආරම්භ වේ.
ගාසා තීරයේ පීඩාවට පත්ව සිටින පලස්තීනුවන් වෙනුවෙන් ඔවුන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලමින් මෙම පාගමන සංවිධාන කෙරේ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.
“දෙවැනි ලෝක යුද්ධ කාලෙවත් තිබුනෙ නැති මහ මිලේච්ච ක්‍රම ඔවුන් අනුගමනය කරනවා. අද රෝහල්, නිවාස සංකීර්න මුළුමනින්ම විනාශ කරනවා. ඒ මිනිස්සු කොහේ යන්නද. මානවවාදී මිනිස්සු විදිහට කරබාගෙන ඉන්නෙ නැතුව පුළුවන් හැමෝම එක්ක අපි එලියට බහින්න හිතුවෙ ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් “
“ඇමරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ එoගලන්තය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මoඩලය ගෙන එන යෝයෝජනා ව්ටි න් විට කල් දැම්මත් අවසානයේ ඔවුන්ට සිදුවුණා සටන් විරාමයකට යන්න. විශේෂයෙන් සදහන් කරන්න ඕනෙ ඒ රටවල ඉගෙන ගන්න විශ්වවිද්‍යාල වල සිසුන් හාවඩ්, යේල්, ජෝජ් වොෂින්ටන් වගේ, ඔවුන්ට බලපෑමක් නැතත් මහ විශාල රැල්ලක් වගේ ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙල ගැසෙමින් ඉන්නවා වගේම ලෝක බලවතුන්ට දැඩි බලපෑමක් එල්ල කරන්න සමත් වෙලා තියනවා. ඔක්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල වසා දැමීමේ තැනට තල්ලු වෙලා. සිසුන් 2400 කට වඩා අත් අඩoගුවට අරන්. ඒවගේම ඊශ්‍රායලය නෙතනියානෝ ජනාධිපති වරයට වහාම යුද්ධය නවත්තන්න කියලත් ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කරනවා “

More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්