චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර බලකාය තායිවාන දූපත අවට ප්‍රදේශයේ යුද අභ්‍යාසයක් සිදු කර තිබෙනවා.
අද(23) පෙරවරු 7:45 ට තායිවාන දූපතේ උතුරු, දකුණු, නැගෙනහිර ප්‍රදේශවල මෙන්ම, Kinmen, Matsu, Wuqiu සහ Dongyin යන දූපත් ආශ්‍රිත ප්‍රදේශවල එම ඒකාබද්ධ යුද අභ්‍යාසය සිදු කළ බවයි වාර්තා වන්නේ.
23 සහ 24 දෙදින එම බලකායේ පාබල, නාවික, ගුවන් හා රොකට් හමුදා කණ්ඩායම් තායිවාන දූපත අවට ප්‍රදේශවල මෙම අභ්‍යාසය පවත්වන බව නැගෙනහිර බලකා ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කර්නල් ලී ශී ප්‍රකාශ කළා. එමෙන්ම යුද ගුවන්යානා සහ යුද නෞකා තායිවාන දූපත ආසන්නයේ සිට මුර සංචාරයන් හි ද නිරත වීමට නියමිතය. මෙම යුද අභ්‍යාසය තායිවාන බෙදුම්වාදීන්ගේ අන්තවාදී ක්‍රියාවලට දඬුවමක් මෙන්ම බාහිර බලවේග චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට එරෙහි බරපතල අනතුරු ඇඟවීමක් ද වන වයි චීනය පවසන්නේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්