ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද(29) බෙයිජිංහිදී මාධ්‍ය හමුවක් පැවැත්විය. එම සංවිධානයේ උප සභාපති Gita Gopinath මහත්මිය එහිදී පැවසුවේ 2024 හා 2025 වසරවල චීන ආර්ථික වර්ධන අනුපාතය පිළිවෙළින් සියයට 5ක් හා සියයට 4.5ක් වනු ඇති බවයි. පසුගිය අප්‍රේල් මස නිකුත් කළ ලෝක ආර්ථික අපේක්ෂාවේ අගය හා සසඳන විට එය සියයට 0.4ක වර්ධනයකි.
පළමු වැනි කාර්තුවේදී චීන දළ දේශීය නිෂ්පාදනය වේගයෙන් වර්ධනය වීම හා මෑතකදී අදාළ ඵලදායී පියවර ගැනීම ඊට හේතු වූ බව Gita Gopinath මහත්මිය කියාසිටියාය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්