ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ මේ වන විට ඉතා හොඳ ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බවත්, මූල්‍ය අරමුදලෙන් හිමිවන මීළඟ වාරිකය ලබන මාසයේ දී ලබා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (28) ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියාසිටියේය.
එමෙන්ම ඉදිරි කාලය තුළ සමස්ත ණය පොලී අනුපාතික තව දුරටත් අඩු වීමක් සිදු වනු ඇති බව ද හෙතෙම පැවසීය. දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීම හේතු කොට ගෙන විදේශීය අංශය ද ශක්තිමත් වී, සංචාරක ඉපයීම් සහ විදේශීය සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ආදායම් වැඩි වී ඇත. එහෙයින් මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සමස්තයක් ලෙස ඇමරිකා ඩොලරයට සාපේක්ෂව 8%කින් පමණ අතිප්‍රමාණය වී ඇති බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්