චීනයේ ප්‍රථම පරම්පරාවේ ‘කෘත්‍රිම සූර්යයා’ ව්‍යාපෘතිය වන ‘China Circulation 3’ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ගනී.
China Circulation 3 ව්‍යාපෘතිය දියුණු චුම්බක ක්ෂේත්‍ර ව්‍යුහයක් ජාත්‍යන්තර ව ප්‍රථම වරට සොයා ගෙන ඇතැයි වාර්තා වේ. එය තාප න්‍යෂ්ටික උපකරණයේ ක්‍රියාකාරිත්ව පාලන හැකියාව නැංවීමට ඉමහත් වැදගත්කමක් හිමි ය.
China Circulation 3 චීනයේ ස්වයං නිර්මාණය මත නිෂ්පාදිත ‘පාලිත තාප න්‍යෂ්ටික විද්‍යාත්මක උපකරණයකි’. එවන් උපකරණයක ක්‍රියාකාරීත්වය, සූර්යයාගෙන් ආලෝකය හා තාපය ඇතිවීමේ ක්‍රමය හා සමාන බැවින්, එය කෘත්රික සූර්යයා ලෙස හැඳින් වේ.
China Circulation 3 ව්‍යාපෘතිය පසුගිය වසරේ අග සිට ගෝලීයව විවෘත කෙරිණ. මෙම වසරේ පැවැත්වූ පළමු වටයේ පරීක්ෂණයට, ප්‍රංශ පරමාණුක බලශක්ති කමිටුව, ජපන් කියෝටෝ විශ්ව විද්‍යාලය ඇතුළු ලොව පුරා ප්‍රකට විද්‍යා පර්යේෂණ ආයතන හා විශ්ව විද්‍යාල 17ක සහභාගීත්වය ආකර්ෂණය කර ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්