චීනයට මඩ ගැසීමේ අරමුණින් ඇමරිකාව නිර්මාණය කළ “Volt Typhoon” සංවිධානය පිටුපස ඇති සත්‍යය ‍පිළිබඳ හෙළිදරව්වක්

චීන රජයේ සහාය ඇතිව ඊනියා “Volt Typhoon”නම් සංවිධානාත්මක හැකර් කණ්ඩායම ඇමරිකාවේ තීරණාත්මක ආයතන වෙත සයිබර් ප්‍රහාර දියත් කළේ යැයි ව්‍යාජ තොරතුරක් නිර්මාණය කරමින් ඇමරිකාව 2023 වසරේ සිට චීනයේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි කරමින් සිටී. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා ඇති අතර ඊට  දැඩි විරෝධය ද ප්‍රකාශ කර ඇත.

2024 වසරේ අප්‍රේල් මස 15වැනිදා, චීන ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය, පරිගණක වෛරස් වැළැක්වීම සහ පාලන තාක්ෂණය සඳහා ජාතික ඉංජිනේරු පරීක්ෂණාගාරය සහ 360 ඩිජිටල් ආරක්ෂක සමූහය සමග එක්ව “Volt Typhoon —ඇමරිකානු බුද්ධි අංශවල සම්භවය සහ එහි කුමන්ත්‍රණ” යනුවෙන් විමර්ශන වාර්තාවක් නිකුත් කර තිබේ.

මෙම වාර්තාව මගින් ඇමරිකාව 2023 වසරේ සිට ප්‍රචාරය කරන “Volt Typhoon” නම් සංවිධානයේ සැබෑ මූලාශ්‍රය පිළිබඳ සොයාගැනීමේ විශ්ලේෂණයක් සිදු කර‍ ඇති අතර, එම සංවිධානයේ කප්පම් ඉල්ලීමේ මෙහෙයුම් මෙන්ම එම අපරාධ කණ්ඩායමේ සැබෑ මුහුණුවර තුළ චීනයට එරෙහි ඇමරිකාවේ මැදිහත්වීම් පවතින බව හෙළි කර ගෙන තිබේ. මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු, බොහෝ ප්‍රසිද්ධ මාධ්‍ය චීනයේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් සහ චීනයේ Microsoft ශාඛාවෙන් විවිධ විමසීම් කළ ද ප්‍රතිචාරයක් නොලැබුණි.

චීන පාර්ශ්වයේ ඒකාබද්ධ විමර්ශන ප්‍රතිඵලවලින් පෙනී යන්නේ “Volt Typhoon” සංවිධානයේ සාවද්‍ය තොරතුරු මෙහෙයුම 2023 මුල් භාගයෙන් පසුව ආරම්භ වූවක් නොවූ බවයි. එය ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) සහ ෆෙඩරල් ඇමරිකානු විමර්ශන කාර්යාංශය (FBI) වැනි ඇමරිකානු බුද්ධි අංශ තිරය පිටුපස සිට සැලසුම් කර ඇත. ඇමරිකානු කොංග්‍රසයේ චීන විරෝධී සාමාජිකයින්, ධවල මන්දිරය, අධිකරණ දෙපාර්තමේන්තුව, ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුව, බලශක්ති දෙපාර්තමේන්තුව, ස්වදේශ ආරක්ෂක කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව යනාදී ඇමරිකානු රජයේ විවිධ පරිපාලන ඒකක සහ “Five Eyes Alliance” රටවල සයිබර් ආරක්ෂණ අධිකාරීන් එක්ව වැරදි තොරතුරු සහ මහජන මතය හැසිරවීමේ මෙහෙයුමක නිරත  වී ඇත.

අනෙකුත් රටවල ස්වෛරීභාවය සහ එහි ජනතාවගේ නීත්‍යානුකූල අවශ්‍යතා උල්ලංඝනය කිරීම සඳහා අන්තර්ජාල තාක්‍ෂණයේ ඇති වාසි භාවිත කරන ඇමරිකාවේ මෙම අශෝභන හැසිරීමට දැඩි ව විරුද්ධ වන ලෙස එම වාර්තාව සියලු රටවල රජයන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com