නේටෝ සංවිධානය ඊයේ(10) “Washingtong නායක සමුළුවේ ප්රකාශනය” නිකුත් කළා. එම ප්රකාශනයට අනුව රුසියා -යුක්රේන සටනේදී රුසියාවට දැඩි පක්ෂපාතී පාර්ශ්වය ලෙස චීනය කටයුතු කරන බව සඳහන් වුණා. ඉන් අසල්වැසි රටවලට හා කලාපයේ ආරක්ෂාවට රුසියාවෙන් එල්ල වන තර්ජනය උග්‍ර වන බවට එම ප්‍රකාශයෙන් චෝදනා කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(11) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ “Washingtong නායක සමුළුවේ ප්රකාශනය” තුළ චීනය පිළිබඳ අන්තර්ගතයන්හි අපහාස හා දැඩි පක්ෂපාතිත්වය පිරී ඇති බවයි. චීනය ඊට දැඩි අප්‍රසාදය හා විරෝධය පළ කරන බව ද ඔහු ප්‍රකාශ කළා .
නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ චීනයේ තර්ජනයට ප්‍රතිචාර දැක්වීමට නේටෝ සංවිධානය හා ඉන්දීය-ශාන්තිකර කලාපයේ රටවල් අතර සබඳතා ශක්තිමත් කළ යුතු බවයි. නේටෝ සංවිධානය චීනයේ අසල්වැසි රටවල් හා ඇමරිකාවට හිතවාදී රටවල් සමග යුද ආරක්ෂක සම්බන්ධතා ශක්තිමත් කිරීමෙන් ආසියා ශාන්තිකර කලාපයේ සාමය හා ස්ථාවරත්වයට හානි සිදු වන බව ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් Lin Jian මහතා ප්‍රකාශ කළා.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්