
මෙම වසරේ මුල් භාගයේ චීනයේ දළ දේශීය නිෂ්පාදන වටිනාකම ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරයි.
චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය අද(15) නිකුත් කළ දත්තවලට අනුව, එම කාලය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 61.7 ඉක්මවා ඇති අතර, එය පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 5.0%කින් වර්ධනය වී තිබේ.
මෙම කාලයේ, අධි තාක්ෂණික නිෂ්පාදන කර්මාන්තයේ එකතු කළ අගය 8.7%කින් වැඩි වී ඇත. එමෙන්ම නව බලශක්ති මෝටර් රථ නිමැවුම පසුගිය වසර හා සැසඳීමේ දී 34.3% කින් ඉහළ ගොස් ඇති අතර, යටිතල පහසුකම් සඳහා වන ආයෝජන වටිනාකම ද 5.4%කින් වර්ධනය වී ඇත. මේ අතර, අපනයන හා ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 21කට ළඟා වී, පසුගිය වසරේ සමාන කාලයේ පැවති අගයට සාපේක්ෂව 6.1%කින් වැඩි වී තිබීම ද විශේෂත්වයකි.
එනම් පසුගිය මාස 6 තුළ, චීනයේ ආර්ථික ක්‍රියාකාරිත්වය සමස්තයක් වශයෙන් සුමට අයුරින් පවත්වා ගෙන පරිවර්තන ක්‍රියාවලිය ද ඵලදායී ලෙස ඉදිරියට යාම එමගින් පිළිබිඹු වනු ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්