චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය ජූලි මස 15 වනදා සිට 18 වනදා දක්වා බෙයිජිං හිදී පැවැත්වේ.
මෙම සැසිය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් සිදු කර ඇත.
මෙම සැසියේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය වෙනුවෙන් ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ කාර්ය වාර්තාවට සවන් දී ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ද සිදු විය. ‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය’එම සැසියේදී සාකච්ඡා කර අනුමත කෙරිණ.
චීනය ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණයෙන් තවදුරටත් පුළුල් කිරීමේ මූලික අරමුණු වනුයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමය අඛණ්ඩව වැඩිදියුණු කරමින් රටේ පාලන ක්‍රමවේදයේ සහ පාලන ශක්‍යතාවේ නවීකරණය ඉදිරියට ගෙන යාම බව එම සැසිය පෙන්වා දෙයි.
ඊට අනුව, 2035 වර්ෂය වනවිට සෑම ආකාරයෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළඳපොල ආර්ථිකයක් ගොඩනැඟීම අවසන් කරමින් චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමය තවදුරටත් ප්‍රවර්ධනය කර, රටේ පාලන ක්‍රමවේදයේ සහ එහි ශක්‍යතාවේ නවීකරණය මූලික වශයෙන් සාක්ෂත් කර, සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙම සියවසේ මැද භාගය වන විට සෑම අතින්ම බලවත් නවීන සමාජවාදී රටක් ගොඩනැගීම සඳහා ශක්තිමත් පදනම ද එමගින් සපයනු ඇත.
උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළඳපොල ආර්ථිකයක් ගොඩනැඟීම, සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් සමාජවාදි සංස්කෘතික රටක් ගොඩනැගීම, ජනජිවිත ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම, සුන්දර චීනය ගොඩනැගීම, වඩාත් උසස් මට්ටමේ සුරක්ෂිත චීනය ගොඩනැගීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව මට්ටම හා දිගුකාලීන පරිපාලන හැකියාව ඉහළ නංවා ගැනීම යන කරුණුවලට අවධානය යොමු කරමින් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතුය.
ඉකුත් සඳහන් ප්‍රතිසංස්කරණ සැලසුම් 2029 වසරේ දී චීන මහජන සමූහාණ්ඩුවේ 80 වැනි සංවත්සරය වන විට සම්පූර්ණ කළ යුතු බව ද මෙම ප්‍රකාශනයේ සඳහන් කර ඇත.
ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීම පිළිබඳව එම සැසියේදී විස්තීරණ සැලසුම් නිකුත් කෙරිණ. ඊට අනුව, ඉහළ මට්ටමේ සමාජවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදයක් ගොඩනැගිය යුතු අතර, උසස් තත්ත්වයේ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ යාන්ත්‍රණය ද වැඩිදියුණු කළ යුතුය. පුළුල් නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමේ යාන්ත්‍රණය ගොඩනැගීම සහ සාර්ව ආර්ථික පාලන පද්ධතිය වැඩිදියුණු කිරීම ද එහිදී අවධාරණය කෙරිණ. නාගරික සහ ග්‍රාමීය ඒකාබද්ධ සංවර්ධනය සිදු කිරීමේ යාන්ත්‍රණය, ඉහළ මට්ටමේ විවෘත කිරීමේ යාන්ත්‍රණය, සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය, චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතිමය පාලන පද්ධතිය සහ සංස්කෘතික යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එහිදී පෙන්වා දී ඇත. එමෙන්ම ජනතාවගේ ජීවනෝපාය සහතික කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ ප්‍රතිපත්ති, පාරිසරික ශිෂ්ටාචාර පද්ධතියේ ප්‍රතිසංස්කරණය යන කරුණු ද තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව සැසියේදී අවධාරණය කර ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳ පද්ධතිමය සහ ශක්‍යතා නවීකරණය ප්‍රවර්ධනය කරමින්, ජාතික ආරක්ෂාව සහ හමුදාව කෙරෙහි ප්‍රතිසංස්කරණ පුළුල් කළ යුතු බව ද ප්‍රකාශ කෙරිණ. ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ඉහළ නැංවීමේ වැදගත්කම සැසියේදී අවධාරණය කෙරිණ.
ඉහළ මට්ටමේ සමාජවාදී වෙළෙඳපොළ ආර්ථික ක්‍රමවේදය, චීන මාදිලියේ නවීකරණයට වැදගත් සහතිකයක් බව සැසියේදී සඳහන් විය. වෙළඳපල යාන්ත්‍රණය මනා ලෙසින් ක්‍රියාත්මක කිරීමෙන් වඩා සාධාරණ හා ගතික වෙළඳපල පරිසරයක් නිර්මාණය කළ යුතුය. එමෙන්ම සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව ප්‍රශස්ත කළ යුතු අතර, නිසි පාලනය යටතේ වෙළඳපල ක්‍රියාකාරිත්වය තවදුරටත් ප්‍රාණවත් කළ යුතු බව ද පෙන්වා දී ඇත. ජාතික ආර්ථික චක්‍රය සුමටව පවත්වා ගනිමින්, සමාජයේ අභ්‍යන්තර ශක්තිය සහ නව ජීව ශක්තිය තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බව එම සැසියේදී අවධාරණය කර ඇත.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්