ගෝලීය සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම උදෙසා ශැංහයි සහයෝගිතා සංවිධානය සමග ජාත්‍යන්තර සහයෝගීතා පැවැත්වීම ඉතා වැදගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා පවසයි. ඊයේ(19) එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කලාපීය සංවිධාන අතර සහයෝගීතාව පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවාදයේදී හෙතෙම මේ බව අවධාරණය කළේය.
.එහිදී අදහස් දැක් වූ Fu Cong මහතා, වත්මන් ගෝලීය අභියෝගවලට මුහුණ දීම, බහුධ්‍රැවීය ලෝකයක් නිර්මාණය කිරීම සහ ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමේදී ශැංහයි සහයෝගිතා සංවිධානය සතු සුවිශේෂ කාර්යභාරය පැහැදිලි කළේය.
චීනය ශැංහයි සහයෝගිතා සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු සහ වාරික සභාපති රටක් ලෙස, හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැඟීමට සහ ලෝක සාමය ප්‍රවර්ධනයට අඛණ්ඩව උත්සාහ දරනු ඇත. චීනය ජගත් ප්‍රජාව සමග එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශැංහයි සහයෝගිතා සංවිධානය වැනි කලාපීය සංවිධාන අතර සහයෝගීතා පුළුල් කරමින් ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බව ද Fu Cong මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
More Stories
චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය හෙට දියත් කෙරේ
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
‘ටාසන්’ට පණ දුන් රොන් එලී මිය යයි