ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව චීන-ඇමරිකානු සංවර්ධන සබඳතා සඳහා නව දායකත්වයක් දෙනු ඇතැයි චීන විදේශ අමාත්‍ය වං යී මහතා අපේක්ෂා පළ කරයි. හෙතෙම ඊයේ(22) බෙයිජිංහි දී ඇමරිකානු-චීන ව්‍යාපාරික කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති රාජ් සුබ්‍රමනියම් මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් හමුවෙමින් මේ බව පැවසීය.
දෙරට සබඳතාවට, ජාතීන් දෙක අතර මිත්‍රත්වයට වඩා ශක්තිමත් දායකත්වයක් ලබා දීමට මෙම නියෝජිත පිරිසට අවස්ථාව ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසියෙන් අනතුරුව ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාවේ පළමු නියෝජිත පිරිස ලෙස චීනයේ තවදුරටත් ගැඹුරු වන ප්‍රතිසංස්කරණයේ නව වාතාවරණය පළමු වතාවේ සිටම සාක්ෂි දැරිය හැකි වනු ඇති බව වං යී මහතා එහි දී සඳහන් කළේය.
එහිදී ව්‍යාපාරික ප්‍රජාව අදහස් දක්වමින් පැවසුවේ චීනය සමග සිය සහයෝගීතාව අඛණ්ඩව ගැඹුරු කිරීමේ අරමුණින් ආර්ථිකය, වෙළඳාම, ආයෝජනය, හරිත සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ පිරිස් හුවමාරුව වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතාව තව දුරටත් ගැඹුරු කිරීමට අපේක්ෂා කරන බව බවයි.
More Stories
ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු JVP එක තහනම් කරා – ටිල්වින් සිල්වා
“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කොලොම්බියාවේ දී
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති