චීනයේ බෙයිජිං නගරයේ පිහිටි මධ්‍යම අක්ෂ ප්‍රදේශය ‘ලෝක උරුම ලැයිස්තුව’ට නිල වශයෙන් ඇතුළත් කෙරේ. ඒ සමග ම, එම ලැයිස්තුවට ඇතුළත් කෙරුණු චීනයේ ලෝක උරුම සංඛ්‍යාව 59ක් දක්වා වර්ධනය වී ඇත.
එම මධ්‍යම අක්ෂය බෙයිජිං හී පැරණි නාගරික ප්‍රදේශ මධ්‍යයේ පිහිටා තිබේ. එහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 7.8කි. 13 වැනි සියවසේ ඉදි කර ඇති එම ප්‍රදේශය, පැරණි නාගරික ශෛලීන්වලින් යුත් ගෘහ නිර්මාණ හා නටබුන්වලින් සංයුක්ත ය.
අද(27) ඉන්දියාවේ නවදිල්ලී අගනුවර පැවති UNESCO සංවිධානයේ 46 වැනි ලෝක උරුම සම්මේලනයේ දී බෙයිජිං මධ්‍යම අක්ෂය ‘ලෝක උරුම ලැයිස්තුවට’ ඇතුළත් කෙරිණ. චීන රජය, බෙයිජිං පැරණි නාගරික සංස්කෘතික උරුමයන් සංරක්ෂණය හා උරුම කර දීම වෙනුවෙන් දැරූ විශාල ප්රයත්න හා ඉන් ලබා ගෙන ඇති ප්‍රගතීන් UNESCO සංවිධානයේ ලෝක උරුම කමිටුවේ ඉහළ පැසසුමට ලක් වී ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්