චීනයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වගකීම් විරහිත ප්‍රකාශ කිරීම නතර කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී.
චීන විදේශ අමාත්‍යංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Liu Jinsong මහතාගේ ඉල්ලීම පරිදි චීනයේ ජපාන තානාපති කාර්යාලයේ ප්‍රධාන අමාත්‍ය Yokochi Akira මහතා සමග හමුවක් ඊයේ(30) පැවැත්විණ.
ජපාන-ඇමරිකා “2+2” රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක සමුළුව, “තර්ජන හැකියා ව්‍යාප්ත කිරීම” නැමති ඇමතිවරුන්ගේ රැස්වීම සහ ඇමරිකාව, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවේ “සිව්පාර්ශ්වික යාන්ත්‍රණය” පිළිබඳ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඇතුළු අවස්ථාවල දී චීනය සම්බන්ධයෙන් ජපානය සිදු කළ ඍණාත්මක ප්‍රකාශ මෙන්ම අදාල ලිපිලේඛනවල සඳහන් සාවද්‍ය, අනතුරුදායක ප්‍රකාශ හා අර්ථ නිරූපන පිළිබඳව චීනයේ දැඩි අතෘප්තිය සහ කනස්සල්ල එහි දී ප්‍රකාශ කෙරිණ.
ජපානය විසින් චීනයට සිදු කළ අපහාස කිරීම්, දෙරට අතර උපායමාර්ගික සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රකාශයට පටහැනි බව Liu Jinsong මහතා පෙන්වා දුන්නේය. චීනය පිළිබඳ තාර්කික අවබෝධයක් ඇති කර ගෙන චීනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ වගකීම් විරහිත ප්‍රකාශ කිරීම් නතර කරන ලෙස Liu Jinsong මහතා එහි දී ඉල්ලා තිබේ. චීනය සමග එදිරිවාදිකම් ඇති කිරීමේ අරමුණෙන්, ඇතැම් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ජපානය නැවැත්විය යුතුය. චීනය සමඟ ද්විපාර්ශ්වික සබඳතාවල දේශපාලන පදනම ආරක්ෂා කරමින්, උපායමාර්ගික හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව ද එහිදී Liu Jinsong මහතා සඳහන් කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි