මේ වන විට ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් 20කට වැඩි සංඛ්‍යාවක් දිනා ගනිමින් චීනය සමස්ත පදක්කම් සටහනේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත්ව ඇත. එවැනි අවස්ථාවක චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවලට නිසි ඇගයීමක් ලැබිය යුතු නමුත් මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී බටහිර රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන් ම විදෙස් මාධ්‍ය ද ඔවුන්ට දක්වන එදිරිවාදීකම් කැපී පෙනෙන්නට තිබේ.
2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ චීන පිහිනුම් කණ්ඩායම පිළිබඳ පැරණි පුවත් පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පෙර බටහිර මාධ්‍ය විසින් යළි මතු කර තිබිණ. එම සිද්ධියට හේතුව වූයේ චීන පිහිනුම් කණ්ඩායම ලබා ගත් ආහාර විස වීම යැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය නිගමනය කළ ද, බටහිර මාධ්‍ය ඒකමතික ව එම පරණ සිද්ධිය යළි හුවා දක්වමින් චීන පිහිනුම් කණ්ඩායමට පහර දෙමින් සිටී. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහ ලෝක තහනම් උත්තේජක ඒජන්සියේ නිගමන පිළිබඳව New York Times, the Wall Street Journal සහ අනෙකුත් ප්‍රසිද්ධ මාධ්‍ය යළි යළිත් ප්‍රශ්න කර ඇත. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇතුළු ආයතන චීන ක්‍රීඩකයන්ට අයුතු ලෙස පක්ෂපාතීත්වය දැක්වූ බවත්, චීන ක්‍රීඩකයන් තහනම් උත්තේජක ගත් බවත්, එම බටහිර මාධ්‍ය තරයේ තීන්දු තීරණ කර තිබේ. බටහිර මාධ්‍ය මෙම සිද්ධිය පිළිබඳ දැක්වූ අසාමාන්‍ය උනන්දුව හේතුවෙන් පැරිස් ඔලිම්පික් උළෙලේ පිහිනුම් තරග ආරම්භ වීමෙන් පසු ඇමරිකාව, ජර්මනිය හා ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනස් කොට සැලකීමේ හවුලට එක්ව සිටිති. මේ දක්වා එම එදිරිවාදීකම් පිහිනුම් ඉසව්වේ සිට ටෙනිස් හා මේසපන්දු වැනි ඉසව්වලට ද ව්‍යාප්ත වී තිබේ.
බටහිර මාධ්‍ය යළි යළිත් පරණ පුවත් මතු කරමින් සිටියදී චීන තහනම් උත්තේජක මර්දන මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ චීන පිහිනුම් ක්‍රීඩකයන්ගේ ආහාර විස වූ ආකාරය පිළිබඳව චීන තහනම් උත්තේජක මර්දන මධ්‍යස්ථානය එම නිවේදනය මගින් ඉතා සවිස්තරාත්මක ව පැහැදිලි කර ඇත.
බටහිර මාධ්‍ය වියරුවෙන් මෙන් චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහර දෙමින් සිටියදී, බටහිර රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසාධාරණ ලෙස චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නින්දා අපහාස කරමින් සිටියදී , ඔවුන්ගෙන් ද කරුණු රැසක් පිළිබඳ ප්‍රශ්න කළ යුතුව තිබේ.–
පැරිස් ඔලිම්පික් උළෙලට එක්ව සිටින බටහිර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණවලට ඉතා අඩුවෙන් ලක් කරන්නේ ඇයි ?
ඇමරිකානු පිහිනුම් ක්‍රීඩකයින් තහනම් උත්තේජක භාවිත කළ බවට තුඩු දුන් සාධක පිළිබඳ අන්තර්ජාල මත පළ වී තිබියදී ඒ පිළිබඳ ඇමරිකානු ක්‍රීඩා කණ්ඩායමේ අදහස් කුමක් ද ?
පැරිස් ඔලිම්පික් උළෙලට පෙර Erriyon Knighton නම් ඇමරිකානු මළල ක්‍රීඩකයා Trenbolone නම් තහනම් උත්තේජකය ලබා ගෙන ඇති බවත්, එම උත්තේජකය හිතාමතා හැර ආහාර විස වීමෙන් ශරීරගත නොවන බවත් සොයා ගනු ලැබිණ. එසේ හිතාමතා උත්තේජක ගත් ක්‍රීඩකයෙකුට වසර 4ක තරග තහනම් කිරීමේ රෙගුලාසියක් පැවතිය ද ඇමරිකානු ඔලිම්පික් කමිටුව ඔහුට පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගිවීමට අවසර දී තිබේ. ඇමරිකාවේ මෙවැනි ක්‍රියාවන් නිවැරදි ද ? සාධාරණ ද ?
ජාත්‍යන්තර තහනම් උත්තේජක පරීක්ෂණ ක්‍රමයෙන් බැහැරව තරග කිරීමට ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිගු කලක් තිස්සේ කටයුතු කර ඇතැයි ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය පෙන්වා දෙයි. ඇමරිකාවේ මෙම හැසිරීම් නිවැරදි ද ? සාධාරණීකරණය කළ හැකි ද ?
More Stories
චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය හෙට දියත් කෙරේ
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
‘ටාසන්’ට පණ දුන් රොන් එලී මිය යයි