මෙම වසරේ මුල් මාස හත තුළ චීනයේ ආනයන හා අපනයන භාණ්ඩ වෙළඳාම වසරින් වසරට සියයට 6.2කින් වර්ධනය වී තිබේ.
පොදු රේගු දෙපාර්තමේන්තුව අද(7) නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනයට අනුව 2024 වසරේ මුල් මාස හත තුළ චීනයේ ආනයන හා අපනයන භාණ්ඩ වෙළඳාමේ වටිනාකම යුවාන් ට්‍රිලියන 24.83කි. එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 6.2ක වැඩිවීමකි. ජූලි මාසයේ ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 3.68ක් වන අතර එය පසුගිය වසරේ ජූලි මාසයට වඩා සියයට 6.5කින් වර්ධනය වී තිබේ. මාසික වර්ධන අනුපාතය මාස 4ක් පුරා අඛණ්ඩව සියයට 5කට වඩා වැඩි මට්ටමක පැවතීම එහි විශේෂත්වයයි.
මුල් මාස හත තුළ අපනයන වෙළඳාමේ වටිනාකම යුවාන් ට්‍රිලියන 14.26කි. එය සියයට 6.7ක වාර්ෂික වැඩිවීමකි. ගෘහස්ථ විදුලි භාණ්ඩ, ඡංගම දුරකථන, පරිගණක ඇතුළු පරිභෝජන විද්‍යුත් භාණ්ඩවල අපනයනය අඛණ්ඩ වැඩිවීමක් පෙන්නුම් කරයි. සුළං විදුලි බල නිෂ්පාදන උපකරණ, නැව්, මෝටර් රථවල වාර්ෂික අපනයනයේ වර්ධනය, වෙන් වෙන්ව සියයට 86.3ක්, 84.4ක් හා 20.7කි.
මේ අතර එම කාලය තුළ චීනයේ ආනයන වෙළඳාමේ වටිනාකම යුවාන් ට්‍රිලියන 10.57ක් වන අතර එය සියයට 5.4ක වර්ධනයක් බව දත්ත පෙන්වා දේ. ඛනිජ සම්පත්, යන්ත්‍රෝපකරණවල අත්‍යවශ්‍ය කොටස්, අත්‍යවශ්‍ය උපකරණ හා පරිභෝජන භාණ්ඩයන්හි ආනයනය ස්ථිර වර්ධනයක පසු වේ.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්