මෙම වසරේ චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය වාර්තාගත අගයක් සටහන් කර ඇත.
චීන රාජ්‍ය තැපැල් කාර්යාංශයේ දත්තවලට අනුව, අද(13) දිනය වනවිට මෙම වසරේ චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය බිලියන 100 ඉක්මවා ඇත. එය පසුගිය වසරේ එම ගනුදෙනු ප්‍රමාණය වාර්තා කළ දිනයට සාපේක්ෂව මේ වසරේ දින 71කට පෙර ළඟා කර ගෙන තිබීම විශේෂත්වයකි. එසේ ම, මෙම වසරේ දළ වශයෙන් මාසයක සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය බිලියන 13 ඉක්මවා ඇති අතර, ඉන් ලද ආදායම යුවාන් බිලියන 100 ඉක්මවා ඇත. මෙම අගයන් දෙක වාර්තාගත අගයන් බව ද කැපී පෙනේ.
මේ අතර, නවතම දත්තයන්ට අනුව, ගතවූ වසර 10ක් තුළ, චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල භාණ්ඩ සීඝ්‍රගාමී ලෙස එකතු කිරීමේ හා බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය 10 ගුණයකට වඩා වැඩි වී තිබේ. මේ වනවිට, ඒ සඳහා විධිමත් භාණ්ඩ සැපයුම් පද්ධතියක් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ