කොවිඩ් වයිරසය මර්දනය කිරීම සඳහා රුසියාව නිපදවනු ලැබූ නව එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ සහ අනුමැතිය ලැබුණු පසු ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
පසුගිය 21 රුසියානු තානාපති යූරි මතේරි සමග පැවැති සාකච්ඡාවක දී තානාපතිවරයා මේ පිළිබඳව ඇමැතිවරිය දැනුවත් කිරීමෙන් පසු ඇය මෙසේ සඳහන් කළාය.
මෙම එන්නතේ ඉදිරි කටයුතු පිළිබඳව මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය රුසියාව සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.
රුසියාව ‘ස්පුටනික් – වී’ ලෙස නම් කොට ඇති මෙම එන්නතේ පරීක්ෂණ කටයුතු තුන්වැනි අදියරේ පවතින අතර එහි දී ස්ථාන 45කින් තෝරාගත් පුද්ගලයින් 40,000ක් සඳහා එය ලබා දීමට කටයුතු කර තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්